Thursday, November 29, 2018

ටොයියාගේ ලෝකය හෙවත් මහා බුද්දිමත් සාමාජිකයා!

හැදින්වීම


මුලින්ම කියන්න ඕනි, මේක සෑහෙන දිග වෙන්න පුලුවන්  මගදී කියවන විට කේන්ති ගියානම්, එහෙම නැත්නම් තේරුමක් නැහැ කියා ඔබේ හිත කියනවානම් එමගින් කියවෙන්නේ එක්කෝ ඇත්තටම මෙම ලිපිය ලිවිම අවලස්සන බව හෝ නැත්නම් ඔබ අනිත් එවුන්ට ගැත්තා, ගැත්තා ලෙස හිනාවෙන ගැත්තෙකු නිසා වීමට පුලුවනි.  මෙහි අන්තර්ගතය අතීතය සමග ගෙනයාමට මම ඉතා තදින් වෑයම් කරමි. බයියා, බයියා ලෙස හෝ මහින්ද පාක්ෂිකයෙක් ලෙස සරලව හංවඩු ගසා ඇත්තේ, හුදෙක් රටේ සිදුවූ සහ සුදුවෙමින් පවතින සිද්දි දාමයන්ගේ මත ඒවාට තම ප්‍රති විරුද්ද අදහස් දක්වන්නන්ට බව කැමති වුවත් අකමැති වුවත් පිළිගැනීමට සිදු වේ. ඒ තරමට තේරුම් ගැනිමට නොහැකි සමහර සාමාජිකයන්, ඔවුන්ගේ නායකයන් කියාගන්නා අය කියන සෑම දේම පිලි ගැනීමට පෙලබේ. උදාහරනයක් ලෙස මෙහි එන රචකයා ලංකාවේ එකම ආගම බුද්ධාගම ලෙස දැකීම බයියාගේ ලක්ෂනයක් යැයි දැක්වීම අකමැත්තෙන් වුවද පෙන්විය හැක. ඔවුන් මෙලෙස කියන්නේ කුමක්ද? තම අදහන ආගමට පහර පිට පහර ගැහුවත් සද්ද නැතුව ඉන්නා ලෙසද? උදාහරනයක් ලෙස, මහා උගත්, මහා දේශක සුනිල් පෙරේරා භෞතික වාදියකු වී බුද්ධාගමට පහර ගැසීම හෙලා දැකීම හෝ පිංකැට සීල් කල විට, බුදු පිළිම වලට බදු ගහන විට බලං සිටීම මහා උගත් ලක්ෂනයක් සේ සලකයි. ඒවාට විරුද්ද වීම යනු බයි ලක්ෂනයක් හෝ මහින්ද වාදී ලක්ෂනයක් වන අතර, කට හැර බලා සිටීම මහා බුද්දීමත් ගතියයි.

ඉතින් මෙම විස්තරය, මම දුටු "බයියාගේ ලෝකය" කෙරෙහි මාගේ මතය සහ මා මෙසේ සිතන්නේ ඇයි දැයි පැවසීමට ගන්නා ලද යම් උත්සායහකි. "බයියාගේ ලෝකය" විස්තරයේ බොහෝදුරට දැක ඇත්තේ අන් කිසිවක් නොව මෑත සහ ඈත කාලයේ දේශපාලන ඉතිහාසයේ ගැන ඔවුන්ගේ ඇති දැනුවත් මද බාවය සහ තාරුන්‍යයේ ඇති ආවේගශීලි ගතිය දඩමීමා කරගත් කොටසකට අසුවු පිරිසක් විසින් සිදු කරන නොතේරුනු ක්‍රියා කොටසක් ලෙසයි. දුකහිතෙන කාරනයනම්, මේ සියලු කාරනා තේරුම් නොගන්නේ සිංහල බුද්ධාගම එකා වීමය.මෙහිදී දරුනුතම ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් අන් අයට වඩා බුද්දීමත් යයිි සැලකීමයි. ඔවුන් තමුන්ට වඩා වයසින් වැඩි දැන මුත්තන්ටත් වඩා තමුන් දන්නවා යයි පවසන පුද්ගලයින් රැසකි. වැඩිහිටි උබදෙස් නොබිලි පැදීම ඹවුන්ගේ ප්‍රධානම ප්‍රශ්නය වී ඇත. ඔවුන් ගන්නා මත සෑම විටම බුද්දිමත් ලෙසත්, අන් අයගේ මතයන් නුගත් ලෙසත් තර්කයකින් තොරව සැලකීම රටේ මහාම හානීයයි.
උදාහරනයක් ලෙස ඔවුන්ගේ ලොකයෙන් සිංහල බුද්ධාගමට ඇති බලපෑම් දකින්නේ  මනඃ කල්පිතයන් ලෙසය. ඔවුන්ව මොලය කුරුවල් කර ඇත්තේ, පිටරටින් ඒන බලපෑම් වුව "උන්ට පිස්සුද මේ සිංහලුන්ටයි බුද්ධාගමටයි මෙහෙම කරන්න‍ෙ, උන්ට වෙන වැඩ නෑනේ, සිංහලයි බුද්ධාගමයි හොය හොයා ඉන්න. " ලෙසය.
සොම හාමුදුරැවන් ගේ එක දේශනයකට මොවුන් සවන් දුන්නානම්, ධර්ම පාලයන් ගේ එක වැකියක් කියවා තිබුනානම් කොපමන අගේද? සෝම හාමුදුරුවන් හදිසීයේ අපවත් වු විදිහ, ධර්ම පාල තුමාව බල්ලෙක් වගේ හූ කියා රටෙන් එලවපු විදිහවත් නොදත් අපේ සිංහලු, සහ බෟද්ධාගමිකයෝ, අද නොදන්නා භෞතික වාදීන් පිරිසක් පසු පස යයි. එම සිද්දීන් දැක දැකවත් නොසෑදුනු සිංහලයෝ, මේවා බොරු යයි කියමින් තම දේශපාලන මතයන්ට තම ජාතියට ආගමට නැති සැලකිල්ලක් දක්වයි. එදා සෝම හාමුදුරැවන් සහ ධර්ම පාල තුමා මේවා වන බව පැවසුවත්, එයට අදාල පුද්ගලයන් කලට නොගත් තීරන නිසා මෙවන් සමාජයක් හට ගෙන ඇත. මේ රටේ වැඩිම මිනිසුන් පිරිසක් ගාතනය කොට අවසානයේ ඒවා අතිතයක් ලෙසත්, දැන් ඔවුන් සියලු දෙයින් මිදුනු පිරිසක් ලෙසත් හැසි රෙයි. ඉතින් එදා ඔවුන් ලගතිබුනු ආයුද කො? එදා සොරකම් කල දේපල කො? කාටවත් ප්‍රශ්නයක් නැත. ඔවුන් ඒවා ලස්සනට හංගාගෙන තම දේශපාලන අවශ්‍ය තාව කරගෙන යයි.

ආගමක් නැති දේශපාලන පක්ෂවලින් වෙන කුමක් බලා පොරොත්තු වන්නද?
ආගම් ගැන ඔබේ දේශපාලන පක්ෂය මොන මතය දරයිද?
ඒ පක්ෂ වලින් බුද්ධාගමට දැක්වු විශේෂත්වය කුමක්ද?
ඔවුන් බුද්ධාගමට වඩා අන් ආගම් වලට  විශේෂවක් දක්වයිද නැත්නම් මධ්‍යස්තව සිටියිද?
මේක බුද්ධාගම රටක් යයි කීමේ වැරැද්දක් තිබේද?
මේ ක බුද්ධාගම රටක් ලෙස ඔබේ පක්ෂය පිළිගනීයිද?
මේ ක බුද්ධාගම රටක් බව ඔබ දැනගත්තත්, ඔබේ පක්ෂය පිළි නොගනින්නේ, හුදෙක් තම පක්ශයේ වෙනත් ආගම් වල සාමාජිකයින් නැති වේයයි බියටද?
කවදා හෝ දිනයක ඔවුන්ගේ ආන්ඩුවක් ඇති වුවහොත් සියලු රට වැසියන් භෞතික වාදින් වියයුතුය යන්නද? නැත්නම් එයත් බුද්ධාගම සදහා පමනක්මද?

මෙහිදි ඔවුන්ගේ නායකයන් විසින් සිදු කරන මහා තර්ක කිසිදු හැල හොල්මනකින් තොරව ගිලීමට ඔවුන් එක පයින් කැමැත්තක් දක්වයි. උදාහරනයක් ලෙස 20 වැනි සංශොදනය ගෙන හැර දැක් විය හැකග එහි කොපමන බැරෑරුම් කාරනා ඇතිද? නමුත් ඒවා කිසි ගානකට නොගන්නා මොවුන් එම නායකයන් තරුකයෙන් තොරව පිළි ගැනීම පෙන් විය හැක. එලෙසම 2015 දි සිදුකරන ලද බොරු පොරොන්දු සියල්ලටම UNP මෙන්ම JVP ද වග කිව යුතු බව නොරහසකි. 2015 ට කලින් සිදුවුවා යැයි පැවසෙන හොරකම් සහ මැරකමි පලමු දින 100 තුලදීම ඔබ දුටුවේ නොමැතිනම් ප්‍රශ්නයකි. එලෙසම එහිදී මතක තබා ගත යුතු කරුන නම්, ඔබව ඇන්දුවේ වචන දෙකකින් වීමය. එනම් "යහ පාළනය" වේ. දැන් ඇත්තේ වෙන ප්‍රශ්නයකි. එනම් සිංහලයාගේ ඇති නරකම ගතියයි. එනම් තමා කල වැරුද්ද පිළි ගැනීම තමුන්ගේ තත්වයට බල පෑමක් වේය යන මතයයි. මේ මහන් තත්වය ඇතී තාක්කල් අපට ගොඩ යාමක් නොමැත.

 පහතින් "බයියාගේ ලොකය" සදහා පිළිතුරැ ලියමි.


සෑම විටම බයියාගේ ලොකයේ කොටස ඉහතින් දක්වා එයට පිළිතුර පහත පරිදි  තරු සලකුනු මගින් වෙන්කොට දක්වමි.

**********************
පිළිතුර පටන් ගැන්ම...

අවසානයි

**********************

බයියා ගේ ලෝකය

===============

"බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇත්තේ ශ්‍රී ලංකාව නම් එකම රටකි. එහි ඇත්තේ එකම ආගමකි.

බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය."

**********************
පිළිතුර පටන් ගැන්ම...

ටොයියාගේ ලෝකය ඉතා විශාලය. ඒ ලොකයට පිටින් බලපෑම් කලත් ඔවුන්ට කම් නැත.ඔවුන්‍ සිතාසාටින්නේ පිටරුටියන් ඉන්නේ ලංකාව ආරක්ෂා  කරගැනිමේ පරම චේතනාවෙන් බවයි. ඇත්තටම ඔවුන්ගේ විදිහට පිටරුටියන් ඉපිද තියෙන්නේ ඒ වෙනුවනි.    ඔවුන් තවමත් එදා මේ රට බලෙන් අල්ලාගෙන සිටින උන්ට ගැතිකම් කරයි, ආදරය කරයි. ඒ අය හිතන් ඉන්නේ එවුන්, අදත් මේ රට යටත් විජිතයක් කරගෙන සිටියානම්  කොච්චර හොදයිද කියාය. එකල ගෙදර තිබුනු ලිදටත්, ඇතිකල බල්ලාටත් බදු ගෙවු බව මේ ටොයියන් කතා කරන්නේ ආඩම්බරයෙනි. ඔවුන් ඒ මුදල් උන්ගේ රටට ගෙන ගිය බව මෙ මහා මොලකරැවන් නොදනි. එලෙසම මොවුන් සිතා සාටින්නේ ලංකාව යටත් විජිතයක් විමට පෙර, ලංකා වැසියන් අමු හෙලුවෙන් ජිවත් වු බවය. එදා සංවෘත ආර්තික පද්දතියක අරැමය කියවු සමහර ටොයියන්, අද කියවන දෙවල් අති අරුමය! ඉතින් ටොයි ආන්ඩුවෙන්  බදු පිට බදු දාද්දිත් මේ අය ඉතා ආසාවෙන් එම බදු මුදල ගෙවයි. ඒ සදහා හිත හදාගන්න බාවිතා කරන ඉතා ලස්සන මාතෘකාවක් දී ඇත. ඒ "බයි ආන්ඩුවෙන් ගත් නයනේ මේ"  යන්නයි. ඒ මගින් තම අතින් රටට වු වැරුද්ද, හෙලුව බැරලයෙන් වසා ගත්තා සේ සන්තෝස වෙයි.  අඩුම ගනනේ අර වරාය විකුනු මුදල් වලින් නය ටිකක් ගෙව්වානම්, මේ නය යම්ප්‍රමානයකට හෝ අඩු නොවුයේ මන්දකියා සිතිමටවත් තරම් ඉතා ව්‍රිශාල මොලයක් ඔවුන්ට හිමිය.  මෙම ටොයියන්ගෙන් කොටසක් විවෘත ආර්තිකය 100% ක්‍ අවශ්‍ය යයි පවසන අතර, තව පිරිසක් මීට අවු 30 ක පමන සිට මෑතක් වන තුරැම සංවෘත ආර්තිකය කර පින්නාගෙන කියුබාව ආදර්ශයට ගෙන කියුබාවේ තිබෙන   ප්‍රජාතන්ත්‍රය ලංකාවේ ඇති කරන්න සිහින දැක,  කතාකරපු පිරිසකි. ඔවුන් එම පක්සය 1966 සිට ලංකාවේ පිහටුවා,  අද දක්වාම කියුබානු වැසියන්ව රවට්ට ගත්තා සේ මෙ රටෙ ජනතාව රවටවා ගැනිමේ උපරිම උත්සාහයක් දරයි. අංචි ඇදීම යනු ඔවුන්ගේ උපන් හැකියාවකි. කියුබාවේ පාලනය ගත්හැටි නොදත් තරුන සහ ඔවුන්ටම බුද්දිමතුන් යයි කියාගන්නා පිරිසක් මේ කල්ලිය පිටුපස නොකඩවා රට වනසමින් ක්‍රියා කරයි. ඔවුනට ඇත්තේ රටේ මොන දේ උනත්, දේපල කොච්චර විකුනුවත් මෙලෝ සංගරයක් නැති රට ගැන ආලයකි. මේ රටට මොන මගුලක් කලත් ඔවුනට කිසි ගනනක් නැත. ඔවුනට උවමනා රටේ පාලනය කෙසේ හෝ යම් දිනයක තමුන් අතට ගැනීමය. එය සෑම දේශපාලන පක්ෂයකම අවශ්‍ය තාව වුවත්, මොවුන් කරන්නේ එය මහා විනාශයක් හරහාය.  අද දේශපාලන සරනාගතයින් බව නොදන්නා ඔවුන් වානිජමය පක්ෂ වලට ගැතිකම් කරමින්, තමුන් සමාජවාදියයි සිතා ඉබාගාතේ දුවයි. ඔවුන් 2009 සරත් පොන්සේකාගේ ආන්ඩුව හැරෙන්න 1999 සිට මේ දක්වාම එක් එක් ආන්ඩුවට කඩේ ගොස් එයට විරැද්දවන්නට පටන් ගනියි.ඔවුන් වෙනුවෙන් හතර වටේ stage නගින බුද්දිමත් මොවුන් ගන්නා සහ ගත්තු තීරන කෙසේ වුවද ඔවුනට සාපේකෂව නොබෝ කලකින්ම වැරදි බව ඔවුන්ම පිලිගන්නා ලදි. ඔවුන්එ මහා බුද්දිමතුන් පිරිසක්නම්   මෙ ගත් තිරන කෙසේ  එකදිගට වැරදුනේද? එනම් 1999 සිටම මේ දක්වා ඇතිකල සියලු දෙනාට මොවුන් විරුද්ද වන්නට පටන් ගැනුනි.

මෙම ඝනයේ ලොකු ටොයියන් බලා සිටින්නේ කවදා හෝ මුලු රටම චප්ප වී බිම වැටි පන අදින විට, වීරයන් සේ පැමින ගොඩ ගැනිමටය. කවදත් කෘර සිතුවිලි වලින් ගහන මේ පිරිසට රටේ ජනතාවගේ බඩගින්න රත්තරන්ය. ඔවුන් බලා සිටින්නේ ජනතාව මේ සියලු ආන්ඩු එපාවි තමනු පසුපස එන තෙක්ය. මෙය කියවන විට මෙ ගනයෙ ටොයියන්ට මෙවැනි ලිපි ගැන සිතෙන්නේ, මුන් මහ මැට්ටො ටිකක්, මුන්ට මෙච්චර දෙයක් තොර ගන්න මොලයක් නොමැති බවය. මේ රට දියුනු වුයේ කුමන කලද යන්න නොතේරුනු අය සහ පලමු දින 100 තුලම තමන්ව දේශපාලන පක්ෂ කිපයක් එකට එකතුව අන්දවපු බව තේරුම් ගැනීමය අපොහොසත් බුද්දිමතුන් අන් අයට නුගතුන් යයි කීම එපමන ප්‍රශ්නයක් නැත. ඔවුන්ට ඇති එකම දෙය පවුල් වාදය සහ හොර කමය. අවු 4 ක් ගොසිනුත් අල්ලා ගැනීමට නොහැකි වු හොරකම් ගැන තාමත්  කියවන අතර, අතේ පත්තුවුනු යහපාලන හොරකම් නොසැලකා හරියි. කොටින්ම යහ පාලනය නමේ අර්තයද නොතේරෙයි.

මෙහිදි ඇයි මා මහින්ද ගැන පවසන්නේ කියා පසුව පවසමි. දැනට සරලව UNP එකට සහ JVP එකට සාපේක්ෂව මහින්ද හොද මිස ඔහු තමා ලංකාවේ ගැලවුම් කරු ලෙස නොසලකයි. නමුත් දැනට සිටින්නේ ඔහුයි. එලො මෙලෝ රහක් නැති පල්ලේ වත්තයි, තම වරිගෙ නහන්න හදන නාගානන්ද මහතායි ගැන පසුව කතා කරමු. නාගහ නන්ද මහතා රටට අවශ්‍ය පුද්ගලයෙකි. නමුත් අවාසනාව ඔහුද එකවර පැමින රට ගොඩ දැමීමට පෙලබෙයි. 2015 දි සේම මේවා විශ්වාස කරන පුද්ගලයන් බොහෝය. නැවත මේ වායින් කැඩෙන්නේ සිංහල ඡන්දයන්ය. මේ සිංහල ඡන්ද වල බලය අවශළ්‍ය යුගයයි.

මේ සිදුවන දේවල්වල වැරදි පෙන්වන සියලු දෙනා බයියෝ ලෙස අර්ත දැක්වේ. කොටින්ම ටොයි අදහසට අප කැමති නොවන්නේද ඔහු බයියෙක් වන තත්වයට මේ බුද්‍දිමතුන් පෙලබි ඇත. එලෙසම පිට රටවලින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දක්වන උනන්දුව තේරැම් ගැනිමට තරම් මේ ටොයියන් ඉතා බුද්දිමත්ය. එලෙස යුරොපිකයන් සහ ඇමරිකානුවෝ ගැන මොවුනට ඇත්තේ පුදුම ව්‍ශ්වාසයකි. ඇමරිකානුවෝ සහ යුරෝපිකයෝ විසින් සිරියාවේ සහ ඉරාකයේ පැවති එකාදිපතින් පලවා හැර එම රටවලට ලබාදුන් නිදහස බුක්තිවිදින හැටි දකින විට අපට ඇත්තේ ඉරිසියාවකි. බයියන්ගේ කුඩා මොලය ගැන කතාකරන බුද්දිමත් ටොයියන් එපමන අද්දැකිම් ඇති බැවින්  ඒම සිද්දීන් එම රටේ සුුබ සිද්දිය උදේසා කල දේවල් ඉව ඉතා හොදින් විශ්ලේෂනය කොට තේරැම් ගෙන ඇත.  එය අපට ඉමහත් ආඩම්බරයක් වන අතර රටට කුමක් වුවත් තමුන් වෛරකරන්නාගෙන් පලි ගැනිමට හැකිනම් තවත් කුමක්ද ? ජනතාව කෙසේ හෝ ජිවත් වෙයි. ඒ වගෙද පලි ගැනිම. එවැනි ඉතාම හොද ආදර්ශයන් මේ බුද්දිමත් පක්ෂය 1971 සිටම පෙන්වා ඇත.ඉතින් ඔවුන්‍ පසුපස යන්නන් අනුන්ගේ අදහසට හිනාවෙන අතර, තම පක්ෂ  නායකයන් කියන මතයන් තර්කයකින් තොරව, ඔවුන් කිව්වොත් හිරියට හරී කියන මතයේ සිට පහලට තර්ක කොට විරැද්ද වාදින් බෙදා හදුනා ගනී.

එදා ලුලුම්බා සරසවියෙන් එලියට වැටුනු රෝහන විජේවීර තම ඉච්චානු බංගත්වය සහ ආතතිය නැතිකරගරනිම මදහා 1966 දි සාදාගත් පක්ෂයට බදවා ගන්නේද එම ඝනයේම පිරිස්ය. කොටින්ම කුනු එකතු වන්නේ කුනු ගොඩවලටය.

ඉතින් මෙ ටොයි බයි විබේදනයේදි ටොයියන් සහ බයියන් වර්ගිකරනය කරනු ලබන ක්‍රම කිපයක් පහත දක්වනු ලැබේ. (ටොයි ආකාරයට අනුව)

උදා
කොටියට වන්දි :
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි.
 ඔවුනට අපේ අම්මා තාත්තා මරපු එවුන් වුනාට කමක් නැත. ඔවුනට වන්දී ගෙවීම සදහා අපගේම බදු මුදල් බාවිත කලද කම් නැත. අප පවසන්නේ අවතැන් වුවන්ට නොසලකන ලෙස නොව, කොටියා යයි හදුනාගත් එකාට වන්දි ගෙවීමය.  අද සමහර ටොයියන් ඒ කොටි සමග රතු කමිස ඇදගෙන මැයි පෙලපාළි යයි. එම කොටින් රතු කමිස හැදගත් පලියට ජනතා වාදී වෙයිද? ඇත්ත. ලංකාවේ හැටියට රතු කමිස හැදිවුන් මිනි මරා ඇත්තේ එසේ මෙසේ ගනනින් නොවේ.  එසේනම් එයට විරුද්ද වන එකා ජාතිවාදි බයියෙකු ලෙස හංවඩු ගැහීම සාමාන්‍ය දෙයකි.

රටේ වැදගත් තැන් විකුනනවානම්:
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි. 
2015 ට කලින් විකුනා ඇත්තේ එකම ඉඩමකි. එනම් ගොල්පේස් එකේ තිබුන අක්කර 5කි. ඉතිරි අක්කර 4ර දී ඇත්තේ බදුය. ඉන්පසු පිට රුටියන්ට විකුනන ඉඩම් සදහා නව පනතක් ගෙන ආවේය.  2015 න් පසු කොපමන දේපල වික්කේද? වැරදිලා කොපමන දේපල වික්කේද (සීනි කර්මාන්ත ශාලා ඉඩම)? අප රටේ ඉඩමට අපම බදුගෙවා කොපමන දේපල අද පරිහරිනය කරයිද (හම්බන්තොට සුලං විදුලිය)? එයට කම් නැත. ඹවුන් පත්වු ගමන් කලේ අන් දෙයක් නොව අර පෙර කී පනත වෙනස් කොට දේපල විකීනීමයි. කම් නැත. මොකද බයියෝ එක ඉඩමක් විකුනා ඇත. ඉතින් විරුද්ද වන්නා ජාතිවාදීයකි.

ආමි කොල්ලෝ හිරේ දානකොට:
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි.
 කොටියා නිදහස් කොට රට වෙනුවෙන් ගිය සොල්දාදුවා හිරේ දමන විට, කෙනෙක් නොදැක්කා සේ බලා සිටියි. තව එකෙක් තමන්ගේ පක්ශයේ බලය වෙනුවෙන් ඒ දේ කෙරෙන දෙස බලා සීටියි. තව එකෙක් තම අරමුන ඉශ්ට වන හැටි බලා සතුටු වෙයි. හැබැයි මේවාට විරුද්ද වන එකා ආගම් වාදියෙකි, ජාති විදියෙකි.

පිංකැට සීල් තියෙනකොට
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි.  
ටොයියාට එය ප්‍රශ්නයක් නොවේ. මන්ද සමහර පක්ශ වලට ආගමක් නොමැති බව පවසන අතර, තවත් කට්ටියක් බුද්ධාගම විනාශය වන තෙක් බලා සීටියි. ඉතින් මෙවැනි දේ කල පසු බයියන් කෝප වී මේවාට විරුද්දව කරන ක්‍රියාකාරකම් දක්වන්නේ බයියාට ඇත්තේ එකම ආගමක් බවය.

පෙට්ට්‍රල් වලට මිලසූත්‍ර
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි. 
මෙහිදි සාමාන්‍ය ජනතාවට වන ප්‍රශ්න පෙන්වීම බයි ලක්ෂනයකි. එනම් සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන ගිය මිනිසා තම ව්‍යාපාරයේ බාන්ඩ හො සේවා වලටත් මෙවැනි සුත්ත්‍රයක් නිකුත් කල යුතුද යන්න තේරුම් ගැනීමට බයියාට පුලුවන් වුවද ටොයියාට නොහැකී වීම ප්‍රධානම වෙනසයි. මෙහිදි ගොඩාක් ටොයියන් තවමත් දේමාපියන්ගෙන් යැපෙන්නන් වීම ප්‍රධානම ප්‍රශ්නයයි.

ටොයි හොරකම්
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි. 
එයට විරුද්ද විය නොහැක. මොකද හදුනා නොගත් හොරකම් කොපමන බයියන් කොර ඇද්ද? අවු 4ක් ගොස් ඇත. හිර ගෙවල් බයියන්ගෙන් පිරී ගොස් ඇත.

ටොයි හොරකම් > බයි හොරකම්
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙකි.
 එයට විරුද්ද විය නොහැක. මොකද හදුනා නොගත් හොරකම් කොපමන බයියන් කොර ඇද්ද? අවු 4ක් ගොස් ඇත. හිර ගෙවල් බයියන්ගෙන් පිරී ගොස් ඇත.

කුරගල මුස්ලිම් ජනතාවගේ යයි පවසද්දි
කැමතිනම් ටොයියෙකි
අකමැතිනම් බයියෙක් මෙන්ම ආගම් වාදියෙකි. රටේ එකම ආගමක් තිබිය යුතු යයි සිතන එකෙකි.


බොහෝ උදාහරන ඇතත්‍, දැනට මේ ටිකය. මොවුන්ගේ තිබෙන ප්‍රධානම ලක්ෂනයනම් රටේ ප්‍රධානම, රටට ඉතා දරැනු, රටට සතුරැ තත්වයේ අවස්තාවන් වලදි පවා ඉතා ධනාත්මකව සිතිමයි. එය ගැන කලකිරුනු, එයට විරුද්දව කතා කරන පුද්ගලයන් සෘනාත්මක මෙන්ම ඉතා දරුනු බයි කරැවන්ගේ ගනයට දැමීමයි. ඔවුන් කෑමොර දෙනනේ පිස්සු වියරැවකින් හෝ මේ කියන දෙයියාගේ කියමන් නිසා යයි ඔවුන් සිතා සටියි. මේ දෙයම මීට බොහෝ කලකට පෙර ධර්ම පාල තුමාටද සිදුවුනි. එකල එතුමා දේශදෝහියෙකි, ආගම්වාදියෙකි, ජාතිවාදියෙකි. අදවන විට එතුමා ජාතික විරයෙකි. ඒ ඒවන විට එතුමා පැවසු සියලු දේ සත්‍ය වු පසුවය.


එලෙසම සමහර ඝනයේ ටොයියන් රජයට දක්වන විරැද්දත්වය හුදෙක් විරැද්දත්වයක්ම නොවනු ඇත. මන්ද සමහරු ටොයියන් ටොයි රජය හොද නෑ ජනතාව පිඩනය කරනවා, මුන් පලවා හරින්නම ඕනි යයි කියන්නේ එහෙම්මම කරන්නට නොවේය. ඉතින් දන්නැද්ද? ඒ තමුන්ගේ විප්ලව වාදි වචන අමතක වීම වැලැක්වීම සදහාම පමනකි. නැතුව ටොයි ආන්ඩුව මොන සිතකින් පෙරලන්නද? අනික තම පක්සයේ නායකයාව අමුවෙන් අවන් එකකට දැමු? තම පාක්ෂිකයන් වැල පිටින් ඝාතනය කල?

දැන් මේ ටොයියන්ගේත් කොටස් දෙකක් බව හැමෝටම පැහැදිලිය.

එනම්,
1. කොල ටොයියන්
2. රතු ටොයියන්

අවසානයි
**********************


1. සහජීවනය

බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව  උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.


**********************
පිළිතුර පටන් ගැන්ම.......

මොවුන් ඔලුව නවා සිටිනවා යයි පවසන්නේ උන් ඔලුවට අත සේදුවත්, අනේ අපිට මොකද ලෙසය.
සහජිවනය යන වචනය නොදන්නා උන් මෙසේ කියයි. මොකද ලංකාවෙ උන් තරම් සහජිවනය දන්නා උන් තවත් නැත. එය තමුන්ගේ බුද්දිමත් වයසක සහෝදරයින්ගෙන් නොඅසා අහින්සක අම්මා තාත්තාගෙන් ඇසුවානම් පහදා දෙනු නොඅනු මානය.   තමුන්ට කැමති ලෙසකින් තමන්ගේ ආගම අදහාගෙන තමුන්ට කැමති ප්‍රදේශයක ජිවත් විමේ අයිතිය ඇති ලංකාවේ මෙවැනි වදන් නොසලකා හැරිය යුතුය. මෙහි නිර්මාතෘ මේ පටලවාගෙන ඇත්‍තේ සිංහලයාට දක්වන මදි පුංචිකම් ගැන කතා කිරිමේදි මිනිසුන්ගේ හැසිරීම ගැනය. උදාහරන දෙකකින් මෙය පහදා දීමට කැමැත්තෙමි. මෙන්න මේකයි ප්‍රශ්නය

උදා 1:  මුස්ලිම් නොව බුද්ධාගමේ වුවද අනතවාදින් සිටින බව කිව යුතුය. මෙ අන්තවාදින් ගැන අප වෙන වෙලාවක කතා කරමු. නමුත් මේ අන්ත වාදයේදි හැම එකාම පෙනි පෙනි බුද්ධාගම එකාට එක ක්‍රමයකුත්, මුස්ලිම් එකාට තව ක්‍රමයකුත්, දෙමල අයට තවකකුත් ක්‍රියාත්මක වුනි. අන්න එතකොටත් ඒ කල දේ හරියි කිවාවම්..ඇත්ත උඹලා නපුන්සකයි.දඩුවම සියල්ලන්ටම පොදු කරැනක් වේ.

උදා2: කොටියා යනු ලංකාවටම පිලිලයකි. එය සිංහල, දෙමල මුස්ලිම් යන සියල්ලන්ටම එකම ආකාරයෙන් දුක ගෙන දුන් කාරනාවකි. මෙහිදි අපට  තමුන්ගේ තිරිසන් දේශපාලනය දෙයාකාරයකින් එලියට ගත් පුද්ගලයන් හරහා ඔබගේ මේ ප්‍රශ්නය විසදා දිය හැක.

1. එනම් උතුරේ ඉන්නා තිරිසන් දේශපාලකයා තමුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මැයි 18 සංහාර දිනයයක් යයි නම් කොට එය සමරන්න හදයි

2. එම අවස්තාව ගැන මිනිසුන් කතා කරන විට තවත් තිරිසන් දේශපාලකයන් පිරිසක් එම ක්‍රියාව නිවැරදියයි පවසා නිර්ලජ්ජිත ලෙස හැසිරෙයි. ඒ තමුන්ගේ හිරිකිතයක් නැති බලය ආරක්ෂාකර ගැනිමටය

ඔන්න දැන්තමා තෙරැම් ගතයුතු දෙය. රටට විනකල කොටින්ව සැමරිමට විරැද්දවන පුද්ගලයන් සහ ඕන ලබ්බක් අපිට මොකද කියන දෙපිරිසක් වෙයි. ඔන්න දැන් තමා ඔබ කිව්ව නපුන්සක කතාව එන්නේ. ඔබ හරියටම හරි. ඔබලාත් ඒ දේශපාලුවන්ගේ අදහසට ගරැකරන්නේද..ඉතින් නපුන්සකයෙක් තමා. රට තුල සාමයට ප්‍රබල බාදාවක්වු කොටියා වෙනුවෙන් කවරෙකු හෝ නතා කරයිද, අන්න එහෙමයි නපුන්සක උනේ..

සමහර රතු ටොයියන් කොටින්ට වන්දි ගෙවිය යුතුය යන දෙය කිව්වේ, උන්ටත් ජනතාවගේ මුදලින් වන්දියක් 87 92 වෙනුවෙන් ලබා ගැනිමේ අරමුනින්වත්ද?




අවසානයි
**********************



2. දේශපාලනය

බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...

     I. මහින්ද පිල

    II. රනිල් පිල

බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද/රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.



**********************
පිළිතුර පටන් ගැන්ම...

සරලයි. ඒක ඇත්ත. ඒක මුහුකුරා නොයැමක් නොව මුහුකුරා යැමකි. මෙකද ඡන්ද ලක්ස 5ක් තියන් තපුල්ලන එවුන් ගැන කුමට කතා.

අවසානයි

**********************

 රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.

යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී  බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.

**********************
පිළිතුර පටන් ගැන්ම...

මුලින්ම අන්තිම කරැනට කියා පසුව මුලට පැමිනෙමි.
කුණුහරැප කියන්නෝ ඉතින් ඔය කොයි කමෙන්ට් කාරයන්ගෙත් සිටියි. එයින් ඔබට කිසිසේත් බයියෙක්ද ටොයියෙක්ද යන්නනම් පැහැදිලි කරගත නොහැක. ඔය % ගන්නා ලද ආකාරයේදි ස්ටැට් වල මොන න්‍යාය බාවිතා කලේද, සාම්පලය ගත් ආකාරය පවසන්න. එවිට එය වෙනම සලකා බලමු 😂. මෙය හඩ අනුවනම් ඔබ නිවැරදි විය හැක.

රනිල්ට වඩා පරම හතුරා අනුර කුමාර?😂
නැත. නමුත් ප්‍රශ්නයක් ඇත. අදවන විට ප්‍රජාතන්ත්‍රවාදය නොදන්නා උන් ප්‍රජාතනතර වාදයක් වෙනුවෙන් පෙනිසිටිමට දගලයි. අපි බලන් සිටියි.

ඔයා මේ කතාකරන්නේ ඡන්ද ලක්ස පහ ගැනය. අනුරගේ අදහසට අද හුරේ තියන්නේ කොල ටොයියන්ය. අද ඒ නිසා රතු ටොයියන්ට විශාල සතුටක් ඇත. මොකද රතුසහ කොල යන ටොයි දෙයාකාරයම එකට එකතුව කෑ ගැසිම නිසා රතු ටොයියන් සිතා සිටින්නේ ඔවුන් තරම් තව එකෙක් නැත කියාය. මෙම තත්වයම 2005 දිත් ඇතිවිය. මහින්ද නිසා කෙදිනකවත් නොමැති තරම් ජන වරමක් ලබාගත් රතු ටොයියන් ඉතාම ඉහලින් ඉගිල්ලෙනු දැක ගත හැකි විය. ඔවුන් සිතා සිටියේ එදා සියලු ඡන්ද හිමි වුයේ ඔවන් නිසාය කියාය.

මෙන්න මේ 2005 සමයේදි විශේෂ සිද්‍දින් 2ක්  සිදුවිය. එනම් ජනවරම ලත් කන්ඩායමේ සිටි රතු ටොයියන්ට

1. බලය ලබාදුනි
2. ආන්ඩුව කාගේ වුනත් රීමොට් එක අපේ අතේයයි කියා විශේෂ ප්‍රකාශයක් කරන ලදි

ඔවුන්ගේ මතයට අනුව වැවු 1000 ව්‍යපෘතිය කෙරගෙන යන ලදි. මගදි ඔවුනට තේරුන දෙයනම් මෙය කරගෙන යාම අපහසු බවයි. එසේම මුදල් අයතා ගනුදෙනුවක් වු බවද සැගවුනු කරැනකි. එනම් වැව් සදහා මුදල් තම පක්ෂයේ ගිණුමට බැරවු සිද්දිය යට ගසා ගැනීමට ඔවුන් තරගයෙන් ඉවත් විය.

තම පක්ෂයේ හැකියාව සහ ජනතා සහය මැද විෂාල මුදලක් ඉතිරිකරමින් ඔවුන් විසින් තිස්සමහා රාම බස්හෝල්ට් එක සෑදිම අගය කල යුතුය. නමුත් එයද අතරමැද දැමු ඔවුන් ආන්ඩුවට විරැද්දව ක්‍රියා කරන්නට විය. අවසානයේ තිස්සමහාරාම ජනතාවත් ඔවුන්ට විරැද්ද විය.  ඒ ඇයි යන්න ඔවුන්ට අදාල නැත. කියන්නේ කල ගුන නොදන්නා බවය. නැත්තම් වහලුන් ලෙසය.  කෙසේ වුවද "සන්දානය හරහා ඔවුන් ලබාගත් ජයග්ග්‍රහන ඔවුන්ට මිනිසුන්ගේ ඇති කැමැත්ත යයි ඔවුහු වැරදි අදහසක්පටලවා ගැනිනි".

කෙසේ හෝ 2005න් පසු අවසානයේ කෙමෙන් කෙමෙන් මහින්දගේ විරැද්දවාදීන් වන්නට වැඩි කාලයක් ගත නොවීය. අවසානයේ හදිසි නිතිය පවා වර්ජනය කරන මට්ටමකට රතු ටොයියන් වෙනස් විය. අවසාන ප්‍රතිපල වුයේ බයි ආන්ඩුවට විකල්ප ක්‍රමයකට ගොස් 2/3 සොයා ගැනීමයි. රාජිතලා මේ මහින්දගේ පිලට ඇතුලු වූයේ මේ සමයේයි. අන්න එතනදී රතු ටොයියන්ට තවත් කෙලවුනි. මේ අතර තමුන්ගේ සදා අමරනීය පක්ෂය දෙකඩ විය. පෙරටු ගාමී පක්ෂය ලෙස වෙන්වුනු ඔවුන්, ඒ සිද්දියත් සමග මහින්ද සමග නයි වෛරයක් ඇතිකර ගැනුනි. අන්න ඔහෝමයි ඔබ පැවසු  "අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින්" යන අදහස ඇති වුයේ. තමුන්ට නවාගැනිමට නොහැකිවු නායකයා වෛරක් කාරයෙක් බවට පත්වුයේ එසේය. මහින්දගේ ස්තාවරත්වය ඔවුනට ප්‍රශ්නයක් සහ පක්ෂයේ පැවැත්මට ප්‍රශ්නයක් බවට පත්විය. එදා රනිල්ගේ ප්‍රජා අයිතිය නැතිකරන මෙන් ඉල්ලා පෙලපාලි ගිය උන් අද කරට අත දමාගෙන සතුටු සාමිචියේ යෙදෙනුයේ රෝහනට වු දෙයද? නමුත් සත්‍යය ඔබලාට වසන් වුවද, ඇත්ත එය වේ. තමුන්ගේ අවශ්‍ය්තාව වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීම මොවුන්ගේ ප්‍රධාන ලක්ෂනයයි. එහිදි මොවුනට ඇති ප්‍රධානම වාසිය අන් කවරක්වත් නොව තරුනයන්ගේ නලියන අවශ්‍ය්තාවන් සහ ඉක්මනින් රත්වන ලේය. මොවුන් බාවිත කරන වාග් මාලාවල එන ජවය මේ නිසා ආතුරයාට නැටිමට බෙරයක් වැනිය. කොටින්ම ඒ ආතල් එකකි. විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බොහෝ දෙනෙක් අද මේ කරන්නේ, එකක් මා පැවසු හැගීම් වලට පෙලබීමය, අනෙක් උන් තමුන්ගේ වටිනා කාලය නාස්ති කර ගැනීමටය.


ඉතින් මේ වෛරය කොපමනද යත්, එදත් අදත් කවදත් ඔවුන් තම අවශ්‍යතාව වෙනුවෙන් ජනතාව පාවා දුනි.
උදාහරන් දෙකක් කියමි
1.
2008 දි වරක් කොල්ලුපිටියට සිසුන් 5000 ක් රැගෙන එනවා යයි කියා සිසුන් විශාල ප්‍රමානයක් ගෙන්වා ගැනුනි. ඔවුන්ගේ අවශ්‍යතාව මේ 5000 ම ගොස් ජනාදිපතිට එක ලිපියක් බාරදිමය. අගෙයි. ඔනම ගොනෙක් දැනගත යුතු කරැනනම් දෙකක් හෝ තුනක් ගොස් ලිපියක් බාරදිම සහ 5000 ගොස් ලිපියක් බාරදිමේ අරමුන. එනම් වෙන දෙයක් නොව ගුටි කෑමය, වතුර පාරක් කෑමය, කදුලු ගෑස් කෑමය. හැබැයි මොවුන්ගේ ආසාම කොටස වන්නේ එකෙක් හෝ දෙන්නෙක් මැරි වැටිමය. අන්න වුනානම් වැඩේ. එහෙනම් කොපමන එය නිති විරෝදි වුවද එවැනි දෙයක් කරගැනිම මොවුන්ගේ අරමුනයි. මා පෟද්ගලිකව එක සිසුවෙක් හමුව, මල්ලි ඇයි ආවේ කියා ඇසීමි. දන්නෑ අයියේ අපේ first year එක. එන්න කිව්වා, අපි ආවා. සාක්කුවේ ගල් 2ක් අරන් එන්න කිව්වා. එච්චරයි. ඉතින් මේ රතු ටොයියන් කරන්නේ කුමක්ද? අහින්සක අම්මා තාත්තාගේ සහ මේ තරැනයන්ගේ සිහින එක්ක සෙල්ලම් කිරිම නොවේද? ලොකු මහා විශාල බලාපොරොත්තුවක් පෙන්වා, කිසිදා ඔවුන් ලගවත් නොමැති සමාජවාදයක් ඔලුවට ඔබ්බා මේ කරන්නේ තරැනයන්ට ආදරය කරන හැටි හෝ රට දැය ගැන අදරය ඇතිකරවන ආකාරයද? රටේ මොන දියුනුවක් වුවද එය වෙන ආකාරයකින් පෙන්වා ඒවායේ වැරදි පමනක් පෙන්විම මොවුන්ගේ ඇති විශේෂම දක්ශ තාවයයි.  තරැනයන් ව්‍යයෙන් තේරැම් ගත යුත්තේ හරි සහ වැරැද්ද යනු සාපේකෂ දෙයක් බවය. මට හරි දෙය ඔබට වැරදි අතර ඔබට හරි දෙය මට වැරදි වේ. ඉතින් කල යුත්තේ සාපේකෂව හොද එකා තෝරා ගැනිම (වැඩක් කරපු එකා) වෙන මොකක්ද? 2015 දි stage නැග්ග රතු ටොයියන් ගේ තිරන ඔවුන්ට සාපේකෂව වැරදි ඇත. අන්න ඒ නිසා සෑම වරම ඔවුන් තමුන් පත්කල රජයට විරැද්දව ක්‍රියා කරන අතර, මෙවර ටොයියන්ට පෙන්නු විරැද්දත්වයනම් සම්පුර්න ප්‍රාඩාවකි.

උදා 2.
2008 ආසන්න කලදි යුද්දයේ අවසාන අදියරේ පැවතුනි. මෙකල ප්‍රබලව ඉදිරියෙන්ම හිටියේ ලාල් කාන්තය. ඔහු රට පුරා වැඩවර්ජනයක් ඇති කරීමට උත්සාහය ගත්තේය. එයට මුලින්ම එකතු කරගැනිමට උත්සාහ ගත්තේ ලංගමයි. නමුත් එදා ජනතාව එකාමෙන් නැගි සිටායේය. ඒ කුරිරැ යුද්දයෙන් රට මුදවා ගැනිමේ අබිලාශයයි. එමනිසා එදා ලාල්කාන්තලාට ඔවුනිගේ ගේම මග අතහැර දමන්න සිද්දවිය. මේ රට බේරා ගත්තා කියන මේ මහා බුද්දිමත් කොට්ටාශය රටේ මුලික අවස්තාවකදි හැසිරැනේ අන්න ඒ ආකාරයටය. ඉතින් නැව් ටොක් දෙන මේ පුරා ජේරැවන් රටට අවැඩක් මිස, සියලු වැඩ කොට ඇත්තේ කටිනි. ඔවුන්ගේ එකම ව්‍යාපෘතිය වන තිස්සමහාරාමයේ බස්හෝල්ට් එක හොද හොදා මඩේ දමයි. වෙන මොනවා කරන්නද? අප ඉගෙන ගෙන ඇති සෑම තියරියක්ම ප්‍ර්‍රැක්ටිකල්ද? ඉතින් මේ දෙන ටෝක් කොපමන ප්‍රැක්ටිකල්ද?

ඉතින් රතු ටෙයියන් ගැන කියද්දි අනුර යනු වැදගත් පුද්ගලයකු නොවේ. ඔහු වැදගත් වන්නේ මිනිසුන්ව හිටගෙන ඇන්දවිමේ ඇති හැකියාවයි. ඒ සදහා ඔවුන් පෙන්වා දෙන්නේ තමුන් ගේ පක්ශය තරම් දන්නා දැනුම් තේරැම් ඇති පක්ෂයක් නොමැති බවය. එදා මිනි මැරැවෙත් මොවුන්මය? මටපංශ්නයක් ඇත?

1. එදා ආයුද ටික අද කෝ?
2. එදා හොරකම් කල දේපල කෝ?

මහින්දගේ $ මිලියන 18 හොයන වෙලාවේ රතු ටොයියන් මේවා සොයා බැලුවානම් අගනේය. මොකද අවු 4ක් ගොසුත් හොයාගන්නගට බැරි සල්ලි නිකම්ම වචන සෙට් එකකට සීමාවි ඇත. හොරකම් කර ඇත්නම් පෙන්වන මෙන් ඉල්ලා සිටිමි. ගොඩාක් දුරට මේ ටොයියන්ට පොදු ලක්සනයනම්, මහින්ද හොරා, යන්නය. නමුත් මේවා කියන්නේ කවුරැද? ඒ ඊට වඩා හොරැන්ය.



මෙහි කතෘ එක සත්‍යයක් කියා ඇත. එනම්
"අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී" බවය. ඔහු මහින්ද විරොදි වන්නේ මන් ඉහත කී ආකාරයට ඔහුගේ ඕනා එපාකම්වලට, විශේෂයෙන් රිමොට් එකට කෙලවුන බැවිනි. එදා සිට මොවුන් සිටින්නේ උග්‍ර මහින්ද විරොදයකින් මෙන්ම මහින්ද බීතියකිනි. අද 20 සංශොදනය ගෙන්න හදන්නේ අන්න ඒ කියන මහින්ද බිතියත් ඇතුලුවය.  20 මේ වන විට පැවතියානම් වන දෙයට ප්‍රායෝගික අවස්තාවක් අපහට මෙවර ඔක් 26 වනදා උදාවිය. එදා විජිත හෙරත් පැමින කියා සිටියේම කිසිම හේතුවක් නිසා එම ජනාදිපති තේරීමේ ක්‍රමය අසාර්තක නොවන බවය. අල්ලේ පැලවෙන දේවල් බොහෝම පහසුවෙන් රතු ටොයි මොලවලට බැස්සවිමේ හැකියාව කොයි හැටි වෙතත්, රතු ටොයියන්, තම ඉදිරිපෙල නායකයා යවන වාතය වුවද, පට්ට සුවදායි කියා ඔවුන්ව වැලද ගනියි.

එලෙසම කුඩා රාජ්‍යයක් වු ප්‍රදේශිය සබාවක් වත්කරගෙන යාමට බැරි රතු ටොයියන් විකාරයෙන් මෙන් රටක් කරවන හැටි රට වැසියාට කියාදෙයි. කටින් බතල කොල සිටුවන බව මෙහිදි රතු ටොයියාට නොතේරෙයි. එදා 2009 දි මහින්ද යුද්දය පරාජ කලා නොව එය එසේ වෙන්න තිබුනා කිව්වාම, ඒ නිසා රතු ටොයියන්ට දැනෙන්නේ විශාල සතුටකි. මොකද එවිට ආ මේ දෙයියාගෙ හැකියාවක් නොවෙයයි ඔවුන් තම සිත හදා ගනියි. අර මහා රතු ටොයියාගේ ද්වේශය මුනෙන් පෙනුනද, සාමාජිකයා එය ගනනකට නොගනි. ඒ රතු ටොයියාගේ සතුටයි. එයින් හැම දේම යටපත් වෙයි.

ඉතින් ඇත්තටම අනුර ගැන ඇත්තේනම් මට විහිලු සහගත හැගිමක් මිස වෙන දෙයක් නොවේ. මාගේ දැනිමේ හා දැකිමේ හැටියටනම් මේ පුද්ගලයා විසින් කලේ තව තවත් තම පක්ෂය වල පල්ලට දැමිම මිස වෙන දෙයක් නොවේ. තවත් උදාහරනයක් කිවහොත්, කටඋල් කර, ඇස් ලොකු කර අතේ පැලවෙන බොරැ කියන මොහුට විටක හම්බන්තොට වරාය මහා ගලකුත්, රනිල් විකුනා අවසන් කල පසු ධන නිධානයකුත් විමය. මොහුගේ මේ සියලු හැසිරීම් සිද්දිය අවසන් වු පසු වීම ඉතාම කැපී පෙනෙන දෙයක් විය. එනම් මොවුන් සෑම විටම කෑ ගසා විප්ලව කලේ සිද්දිය වී අවසාන වු පසුවය.



අවසානයි
**********************

 උදා
  ecta
singa
වරාය ගත හැක.  මිනිසුන් දැනුවත්කරනවා කියා කෑ ගැසුවේ සිද්දියේ සියල්ල අවසාන වුවායින් පසුවය.ඒවන විට අස්සයාගේ බෙටිත් වේලි ගොස් එතන ගසුත් පැලවී ඇත.

ඒ කෙසේවුවද, 92න් පසුව ප්‍රතම වරට පගා ගෑනිම් සහ හොරාකෑමක් ගැනද අනුරට එරෙහිව නැගි සිටි අතර ඒ පිලිබද කටක් නොඇරියේය. එනම් ලක්ස විසිපහේ පගාව සහ රොහන විජේ වීරගේ ගෙදර මුදල්ය. 
කුමන පක්සයක වුවද පක්ෂ වල මුලික කතිකයන්ට විරැද්ද පාක්ශිකයන් අකමැතිය. උදාහරනයක් ලෙස ගම්මන් පිල, වීර වංශ, රාජිත වැන්නවුන් ගත හැක. නමුත් බොහෝ ටොයියන් ගත්විට කිසිම දත්තයක් සාදක කර නොගනිමින්, එනම් තේරෙන සිංහලින් facst and figures නොමැතිව කෑ ගැසිම ටොයියන්ටම අදාල ප්‍රධාන ලක්ශනයකි. උදාහරන ලෙස මහින්දගේ බිලියන 18 ගත හැක. එසේ ගනන් පවසන්න ඔවුන්ට ඇති සාදක තිබේනම් ජනතාව ඒවා දැන ගැනීමට පුල පුලා බලා සිටියි. එදා පැනමාහි ලියවිලී වත් එම විස්තර අඩංගු නොවිනි. ඉතින් ඒවා පිලිබද කිසිදු හැගිමක් නොමැතිව ඔහේ කියවීම ටොයි ගතියකි. එය අනුරටද නොඅඩුව තිබේ (උදා: වරායේ ගල ඇතිවීම සහ නැති වීම). ඔහුගේ පෟද්ගලික ජිවිතය අපට වැදගත් නොවුවද, නායකයෙක්නම් ඔහු සෑම අතින්ම ආදර්ශමත් වාය යුතුය. විශේෂයෙන් බුද්දිමත්ම පක්ෂයේ.


කෙසේ වුවද මේ ලක්ස 5ක ඡන්ද දාරින් කෙසේනම් ප්‍රශ්නයක් වන්නද? එකම ප්‍රශ්නය වුයේ කවදත් අන්චි අදින්න දක්ස ඔවුන් සෑමදාම රට අකර්මන්‍ය කරන ප්‍රති පක්තියක සිටීමය. 1971 සිට අද දක්වාම ඔවුන් කලේ රට අකර්මන්‍ය කර බලය ලබා ගැනිමය. අද දක්වාම මොවුනට ඇති ප්‍රධානම ආයුද දෙකකි.

1. බඩගින්න
2. කැම්පස් කොල්ලන් සහ කෙල්ලන්ය.


1999 සිට අද දක්වා මහාලොකු කයිවාරැ ගසන jvp එකට ජනාදිපති අපේක්ශකයෙක් නැත. පස්ස පැත්තෙනුත් හිනාවට කාරනාවනම් මේ වනවිට හිටිය එකම අපේක්ශකයාද unp එකෙහි ප්‍රදාන සංවිදායකය. ඔහුගේ නම නන්දන ගුනතිලක වේ.

බයියන්ගේ මතකය ගැන කතාකරන අයට මෙසේ පිලිතුරැ දිමට සිදුවේ. බයියන්ට ඇති විශාලවු මතක ශක්තිය නිසා තමා අදටත් ඔය කියන jvp බුද්දිමතුන් ලක්ස 5ක ඡන්ද ප්‍රමානයක සිරවි සිටින්නේ කියානම් කිව හැක. එයට අදාල විස්තරය ප්‍රජාතන්ත්‍ර වාදය කොටසේ ඇත.

ඉතින් අනුර පුද්ගලයා ගැන ඇත්තේ රට ගැන ප්‍රශ්නයේදි ඔහු පිලිබද සහ රට පිලිබද කනගාටුවක් මිස වෙන දෙයක් නොවේ. කවදාවත් රටේ සංවර්දනයට අතහිත නොදුන් මොවුන් කරන්නේ ටෝක් දීම පමනි. ටොක් ගැන තවමත් විශ්වාස තබන්න තරම් 2015 දි යහපාලනයට ඡන්දය දුන් උන් තවමත් බය නැත. මේ පුද්ගලයන් සිතා සිටින්නේ 2015 ට කලින් තිබු ආන්ඩුව ඉතාම නරක මෙන්ම 2015 ට පුස ඇතිවු යහලාලනය ඉතාම අගනා බවය. පැවති දින 100 තුලදීම හොරකම පටන් ගත් යහපාලනයට කත් අදින රතු ටොයියන් ගැන ඉතින් කුමන කතාද?

ඔවුනට වුයේ වෙන කිසිවක් නොව, 1999 සිට අද දක්වාම එක එක පක්ස වලට කඩේ ගොස් නාගැනිමයි. ගහන ගහන තුරැම්බුව ඔවුනට වරදියි. ඉතින් මොනවා කරන්නද? 2009 දි සහ 2015 යන අවස්‍තා දෙකෙහිම වු වරදවල් නිසා දැන් ඔවුනට රෙද්දක් ඇදන් සිටිය නොහැකිය. එවන් කලෙක මොවුන් කරන්නේ අපි මෙහෙම කලේ නැත්තම් එහෙම රට විනාසයී.. කියා කෑ මොර දීමයි. එවිට එයින් කුල්මත් වන රතුටොයියන් එය කිසිම තර්කයකින් තොරව අනුමතකරයි. ඉතින් එසේ සිතිමේ දක්ශතාවක් සහ තියුනු බුද්‍දියක් ඇති මෙම රතු ටොයියන්, බයියන්ට මොලේ නැතැයි හු කියයි. මෙවර රතුටොයි නායකයන් කෑ ගසන විට ඒ සදහා සහයට කොල ටොයියන්ද සෙට් වී ඇත. ඉතින් දැන් 2005 දි වුවා සේ රතු ටොයියන් හිතා සිටින්නේ රටම රතුටොයියන්ට කියාය. අනිවාර්යයෙන් මෙවරද ඔවුන් පිට නායකයෙක්ට ජනාදිපතිවරනයට සහය දෙනවා නොවනු මානය.

ඉතින් රටට කෙලවුනත්, මහින්දට වෛර කිරිම අතනොහරින මොවුන් තම  පක්ෂයේ ඇති ප්‍රතිපත්ති පවා පාවාදෙමින් දක්ෂිනාංශ පස්සේ ගොස් තම නායකයාව අමුවෙන් ඝාතනය කල එකාට කඩේ යයි. එසේ ගොස් බොරැවට රන්ල් ගෙදර යැවිය යුතුයැයි හිමීට දොඩවයි. බය වෙන්න එපා, රනිල් ඔයාලත් එක්ක තරහා වෙන්නේ  නැත. මොකද ඔහුට වෙන හරනක් නැත. අරලිය ගහ මැදුරේ බන දේශනාවද තහනම් කල ඔහු අසරනවු කල මෙන්ක පිරිත් කියන්නටද පටන් ගැනුනි. ඔහු විටක තමන් වෙනුවෙන්සහ පක්ෂය වෙනුවෙන් බෝදි පුජා කිරිමටද පටන් ගැනුනි. මේ ඕන එකෙක් එසේය. මරනාසන්න වුපසු, තම රටට කල දේවල් මෙන්ම මානි මරපුවාද මතක් වේ. ඉතින් රතු ටොයියන් නිරාගාමික වන්න තැත් කරන්නේ සමාජවාදි නිසාම නොව, ආගම්වලට පටහැනිව කල ක්‍රියා නිසාවෙනි.


3. ප්‍රජාතන්ත්‍රවාදය

බයියා ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.

*********************
පිළිතුර පටන් ගැන්ම.......

ප්‍රජාතන්ත්‍රවාදය කතාකරන මොවුන් ගැන 1971 සිටම සිහියට ගත හැක. මේ කතාකරන උන් එදා 1971 මොකද උනේ, ඇයි මෙහෙම දෙයක් කලේ කියලවත් නොදන්නා කරැනකි. එදා සියලු දෙනාටම ඉතා හොදින් සිටිය හැකි කලක රට බලෙන් අල්ලා ගැනිමක් සිදුකිරිමට ගොස් වරක් රට වට්ටවන ලදි. නැවත 1987 දි ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ කල විප්ලවය යයි කියාගන්නා ජන සංහාරයෙන් (නැවත රට ඇල්ලිමට ගොස්) දේපල නොමැතිව වානාශවු මිනිසුන් ගනන පමනක් 60000 කට අදිකය. අද ඔවුන්ගේ නායකයාව අමුවෙන් බාබකියු කල පුද්ගලයින් සමග මදු සමය ගතකරන රතු ටොය ව්‍යාපාරය එකෙන් බලා පොරොත්තු විය හැකි මනුස්සකම කුමක්ද?රට විනාශය කරා ගිය සෑම විටකම රටේ සිටියේ පක්ස දෙකකි.

1. unp  2. jvp. අද උන් දෙගොල්ලන්ම එකට එකතුවි ඇත. කොමද ඒක.රටේ අබාග්‍යය.

අද සුදුවෑන් ගැන කතාකරන මේ අරැම පුදුම ටොයියන් එදා 88 92 කල මෙරට කල මහා මිනිස් සංහාරය ගැන දැන දැන ඉතා සුදනන් සේ හැසිරිම කොතරම් අබාග්‍ය සම්පන්නද? එනම් කිසිම හිතක් පපුවක් නොමැතිව මිනි මරා පොලුවල ගසා, ශරිරයේ කොටස් කපා මරා, අමුවෙන් ටයර්දමා පිලිස්සු මොවුන්, කිසිම ගානක් නැතිව සුදුවෑන් ගැන කතාකරයි. එදා මට හොදට මතක කාලයකි. සුදු වෑන් එකක් වේවා, කුමන වාහනයක් හෝ පාරේ යනවිට එකවර නැවතුන හොත් බඩ පපුව දා යයි. මොකද එය අපගේ අවසානය විය හැක. එකල මට අවු 12 පමන කලකි. නමුත් මාගේ සහොදරයාට අවු 19කි. ගෙදර ඉදාරිපිට නවත්තන වාහනයක් දුටුවහොත් මුලු පවුලම බිරානත වියයි. එකවර පැමිනෙන රතු ටොයි කරැවන් ගෙදරට ලියුමක් දි යයි. එහි දැක්වෙන්නේ රජයට විරැද්ද තාවයක් ලෙස අද දිනයේ විදුලි බුබුලු නොදල්වන ලෙසය. ගෙදර කුස්සියේ ලග තිබෙන කුඩාකාමරයකට යන අප සියලු කවුලු වසා නිශ්ෂබ්දව තාලය ගත කරයි. අපගේ නිවසට යාබද තරැනයන් දෙදෙනෙකුගෙන් යුතු පව්ලේ තරැනයන් දෙදෙනා සවස 5, 6 වන වාට කැලයකට පිටත් කර හරියි. ඉන්පසු පහුවදා එනතුරැ එම අම්මා සිටින්නේ ඇඩු කදුලෙනි. එම තරැනයන් සිටියේ විෂාල මිදෙල්ල ගහක අට්ටාලයක් සාදාගෙනය. ඉත්න් මේවා කියවන විට නොදන්න ටොයියන් ( අද තරැනයන්) මේවා තිශොක්තියෙන් හෝ මෙහෙම ඒවා කෙහෙදයි අපෙන් අසයි. ඒ තියා මාගේ හෙද රත් ටොයියෙක්(මගේම වයස) මගෙන් අසනවා, අනේ පලයන් බන් යන්න, උඹට කොහේද මේවා මතක ලෙසය".ඔහුට මතක නැති වුනාට අද වාගේ මතකයි මට.
වරක් මා ගෙදර පාර ආසන්නයේ සෙල්ලම් කරමින් සිටින විට 6 දෙනෙකුගෙන් පමන යුතු පවුලක් කිසිදු වස්තරයක් නොමැතිව ගමන් කරයි. ඔවුන් ඉතා අසරනව ගමන්කල අතර එහි අවු 16, 21 පමන වයස්වල තරැනියන් දෙදෙනෙකුද විය. ඔවුන්ගේ ලග බෝඩ් එකක් විය. එහි ගසා තිබුනෙ රතු ටොයි අන නොතකා විදුලි පහන් දැල්වුවාට ලද දඩුවම ලෙසය.
තවත් වරෙක මා ආසන්නයේ ගෙදරකට පැමිනි රතු ටෙයියෙක් එම නිවසේ සිටි ගෘහ මූලිකයාට වෙඩි තබා, ඔහුගේ ඇගමත නැග කතාවක් පවත්වා, මරනය හෙට උදේ බුමදානය කරන ලෙසත්, කොල ටොයියෙක් වීමේ වඑද නිසා දඩුවම ලද බවත්, දනිස්‍සෙන්‍ පහලට සිටින සේ ඔහුගේ මිනිය ගෙන යන ලෙසත්ය.
තව සිද්දියක් කිවහොත් වරක් මම අවිස්සාවේල්ලේ ගමකට පිටත්විය. එහිදි මගදි මගදි බස් එක නතර කර එහි කොන්දොස්තර අපට පැවසුවේ මෙතනින් බැස ඉදිරියේ මද දුරක් ඇතින් ඇති අනෙක් බසයට නගින ලෙසය. කිසිත් නොදත් මා බසයෙන් බැස දුටු දසුනින් බිරාන්ත විය. මුලු පාර පුරාම මිය ගිය මිනිසුන්ය. ඒවා ටයර් දමා පුලුස්සා ඇත. ඒවාද බාගෙට පිලිස්සි ඇත. ඒ මුහුනුවල තිබුනු බය, වේදනාව මනාව පෙනෙන්නට තිබුනි. ඒ වාගේම ඔවුන් බොහෝ දෙනෙක් තම අත මිට මොලවාගෙන සිටියේය. එවායින් පෙනුනේ ඔවුන්ව පනපිටින් පුලුසසා ඇති බවය.
ඒ වාගේ තත්වයක මේ රට පත්කල මිනිසුන් අද දින සුදු වෑන් ගැන කතාකරන්නේ මොන කටකින්ද?

එදා සාමාන්‍ය ජනයාට පාරේ යැමටවත් නිදහසක් නොතිබුනි. මම කියන්නේ මිනි මැරිම හොදය කියා නොව. නමුත් මේ කියන සුදු වෑන් මම ඉන්පසු දැක නැත. අප කිසිදු බියකින් තොරව පසුකලෙක රටේ ජිව්ත විය (2009 න් පසු).

එදා ඔවුන්ගේ විප්ලවය කියා ගන්නා සංහාරය පටන් ගත්තේ ආන්ඩුවට විරැද්දවය . නමුත් ඉන් මියගිය 99% ක්ම සාමාන්‍ය අහින්සක වැසියන්ය. ඔවුන්ගේ විරැද්ද පාක්ෂික නායකයෝ යහතින් මිනි මරමින් වැජබෙන විට, මොවුන් අහින්සක මිනිසුන්ව මැරැවේය.

අද ලසන්ත ගැන වදවෙන මොවුන් මැරැ සාගරිකාලා, රිචඩ්දි සොයිසලා, ප්‍රේම කිර්තිලා,

ඉතින් ඔය සුදු වැන් ගැන කතාකරන ටොයියන් මේ දේවල් ඉගෙන සිටිම ඉතාම වටියි. මේ කතාකරන කිසිදු පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් පෙනි නොසිටියි. පාර්ලි මේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් කියා දෙයක් නැත. ඇතතේ ප්‍රජා තන්ත්‍රවාදයයි. එනම්‍ ප්‍රජා + තන්ත්‍රයයි. එහි අරැතනම්, ප්‍රජාව විසින් පාලනය යන්නයි. ඉතින් මේ පැවිති යහපාලන ආන්ඩුව ඇත්තටම ජනතා හිතයිශිද?
එය ඇත්තටම පවත්වාගෙන යාම රටට කොපමන හිතකරද? ඒවා වැඩක් නැත, මොකද මහින්දට වෛර කිරිම මොවුන්ට ජනතාවට වඩා වටියි. මෙච්චර බයානක 20 ගෙන ඒමම කොපමන දුෂ්ට කමක්දැයා ඉතා යටහත් පහත්ව, තික්ෂන බුද්දියෙන් සිතුවොත් තේරැම් ගත හැක. එනම් මෙහිදි වැරදි අතකට පාලනය යෑමේ වැඩි සම්බාවිතාවක් ඇත. රතු ටොයියන් කියන්නේ එය එසේ නොවේයයි කියාය. අනියමාර්තයේ අසම්බාව්‍යක් ක්‍රියාවලින් පැවසීම පලක් නැත. අද මේ 2018 ඔක් 26 වන දා සිට එහෙට මෙහෙට පනින, එමෙන්ම 118 දෙනෙකු විසින් බැංකු මංකොල්ලයෙන් සල්ලි අරන් ඇති විටකදි, විස්වාස තිබිය හැකි 113 න සිටින්නේ විජිතගේ කොයි මල්ලේද?

ඉතින් මේ ප්‍රජාතන්තංය කතා කරන මහා මොල කරැවන් විසින්, 20 මගින් ජනතාවගේ පරම අයිතිය වන ජනාදිපති පත්කිරීමේ බලයද නැති කිරිමට තැත් කෙරැනි. එය නැති කොට එම බලය එම බූත 225ට ලබා දීමට තැත්කිරීම නින්දා සහගතය. එ මොකද ඔබ ඡන්දය දුන් පුද්ගලයන් එක්කෙනෙක්වත් පාර්ලි මේන්තුවට පත්වුවේ නැත්නම් මෙම 225 මගින් ඔබව නියෝජනය වේද? එසේනම් මේ 225 මගින් ජනාදිපති ලෙස පත්කරන පුද්ගලයාට ඔබගේ කැමැත්ත හෝ අකමැත්ත කාසිදු ආකාරයකාන් නියෝජනය නොවේ. එලෙසම මේ 20 මගින් ගෙන ආ පංජාතාන්ත්‍රික අයිතියද රහස්‍ය් ඡන්දයක් වේ. එතැනම මෙය හොර මගඩායක් වුව නොහැකිද? උදාහරනයකට අපි හිතමු x ලෙස හොද අපෙක්ෂකයෙකුත්, y ලෙස නරක එකෙකුත් ඉල්ලයි. එවිට 225න් කුමන එකා මොකාට දුන්නාද යන්න කවරෙකු දනීද. y ට ඡන්දය දුන්නු අනුර එලියේ ඉන්න අයට සහ පක්ෂයට යන දෙකොටසටම මම දුන්නේ y ට යයි පැවසිය හැක. ඉතින් මෙවැනි කලක මේවාගේ ගොන් තකතීරැ කංමයක් කුමන අරමුනකින් ඉදිරිපත් කලාද යන්න පැහැදිලාය. එනම් මොවුනට වුවමනා කෙනාව පමනක් මොකා වුවද ජනාදිපතිවරනයට ඉදිරිපත්කොට බලයට පත්කරවීමයි. උදාහරනයක් ලෙස, ගෝඨාගේ පැමිනීම ඉතා ලේසියෙන් මකා දැමිය හැක. ඉතින්   මේ සාමාජිකයන් කියනා දෙය තවත් විශ්වාස කරන්නේ කෙසෙද? මොවුන් මේපතරමට වශ්වාස කරන ඔබලා අනෙක් අයට පවසන්නේ මොඩයන් ලෙසය.

ඉතින් මේ බොරැ බෙගල් ප්‍රජාතන්ත්‍රය ගැන කතා කර පලක් නැත. ප්‍රජාතන්ත්‍රය කුමක්ද යන්න වටහා ගැන්මටනම් ජේ ආර් කලාමෙන් කලගෙඩි ලාම්පු සෙල්ලමක් දැමිම කාල උචිතය. එවිට ඡන්දයක් උවමනාද නැද්ද යන්න තිරනය කල හැක.

අවසානයි
**********************

4. දේශමාමකත්වය

බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය.  යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.

*********************
පිළිතුර පටන් ගැන්ම......

මෙයනම් ඉතින් මෙ කතෘ අවසානයට අඩුම ගානේ කොටස් 4ක් ඔබාගැනීමට දරන ලද උත්සාහයකි. දේශමාමක යනු රට පිලිබද හැගීමක් ඇති පුද්ගලයන් ගැන සහ ඔවුන් කරන කියන දෙය අනුව පැහැදිලි කරගන්නා දෙයකි.

රටේ දේපල විකුනන, මිනී මරන සහ මරපු, ජනතාවට අසාමාන්‍ය බදුබර දි, අමුතු මිල සුත්‍ර ගෙන එන විටත් ඔවුන් සමග හෝ ඔවුනට සහය දක්වන්නන්ට දේශමාමක යයි කියන්නේනම්, එහි අර්තය අප දන්නා දෙයට වඩා වෙනස් දෙයකි. ඉතින් ඔහුගේ බාශාවෙන්ම මරි මෝඩ ටෝකකි.

"දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය" යන්න අනුව මේ ටොයියලත් මෙහෙම doc හදාගෙන දගලන්නේ බයියන් ආරක්ෂා කරනවා මෙන්ම ටොයියන් වාසින් ටොයියන් ආරක්ෂා කරගැනීමමය. ඉතින් මේ අවසාන 4 වැනි කොටස ගැනනම් පැහැදිලි මදිය. දැන් මේ කයනා වාදිහට ඔනෑම පඩතුතරයන් සිටින්නේ මහින්ද සමගය. අනිත් හැම එවුන්ම සුදනන්ය. කොච්චර මිනි මැරැවද ඔවුන් සුදනන්ය.

මේ මිනිමරැ ටොයි නායකයන් මිනිමැරැම් ඉතා අපුරැ ආකාරයට සාදාරනය කිරිමේ හැකියාවක් ලැබී ඇත. එම හැකියාවට කියන්නේ ලැජ්ජා නැති කමයි. යමක් ඉතා සෘජුව පවසන විට එය අසා සිටින්නා සිතන්නේ මොවුන් තරම් කෙනෙකු නොවන බවය. ඒ ඔවුනගේ තර්ක ශක්තිය මොවුන් විසින් ශර්රයෙන් විසන්දි කොට ඇති බැවිනි. එවන් කලෙක තමුන්ට විරැද්ද පාර්ශවයේ එකෙක් පඩත්තරයෙක් වන අතර අනෙත් උන් ඉතා විශිෂ්ට වැදගත් අයවලුන්ය. ඒ ටොයියාගේ තියරියයි.

අවසානයි
**********************

ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.

ඔවුන්ට අනුකම්පා කරමු.

*********************
පිළිතුර පටන් ගැන්ම......

ඉතින් මාගේ දිර්ග විස්තර කිරිමෙන් ඔබලාට (සම්පුර්නයෙන් කියවුවානම්)  මේ අවස්තාවේ අනුකම්පා කලයුත්තේ කාටද යන්න තේරැම් ගැනිමට හැකිවෙනු ඇත. එදා හරිහමන් පුනරැත්තාපන කංමයක් නොතිබිම මත මේ ටොයි දෙයාකාරයම කම්පනය වී ත. හරි වැරැද්‍ද තොරාගැනිමට බැරි තරම් අසරන වු ටොයි පවුල් සහ ඒ වටා බැදුනු ටොයි තරැනයන් මෙයාට තමා පිස්සු මෙයාට තමා පිස්සු කියමින් බයියන්ව පෙන්වයා. දොස්තරට බොරැකල නොහැක. හොදම බෙහෙත ඡන්දයයි.. නමුත් අසරන ලෙඩ්ඩු බෙහෙත්වලට බයය. මොකද උන දන්නවා එමගින් ඔවුන්ගේ ලෙඩේ නිට්ටාවට හොදවන බව. ඉතින් ඔවුන් බෙහෙත් දීම ප්‍රජාතන්ත්‍ර විරොදි යයිපකියමින් රටට නොව ජාත්‍යන්තරයටම මොර දෙයි. ඉතින් කවදත් මේ රොගින්ව ඒ ආකාරයෙම තියාගැනිමේ වටිනාකමක් ඇති පිට රැටියෝ, ඉස්පිරිතාලයේ ලොබියේ සිට ඔවුන්ව හසුරවයි. රෑට රෑට බෙහෙත් දුනිනොත් කල යුතු දේ ගැන පවසන්න මනිද්තරෙට රිංගයි. මෙ දේවල් තේරැම් ගන්නකොට ඔබලා පරක්කු වැඩැ වෙයි. එතකල් හිනා වෙවි වලපල්ලට යමු.

අවසානයි
*********************

ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.

*********************
පිළිතුර පටන් ගැන්ම.....

නොට් ඇප්ලිකබල්. මොකද මම මේ කියන විදිහට බයියෙක් මී. 

අවසානයි
*********************

අමතර:

මට මහින්දයකුවත් රනිලෙකුවත් වැඩක් නැත. නමුත් රටේ ඡන්දයක් පවතින විට රටේ තවම ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකකි. එනම් SLFP එක සහ UNP එක වේ. අප කැමති වුවද අකමැති වුවද, පත්වෙන්නේ මොවුන් දෙදෙනාගෙන් එකෙකි. එවන් කලෙක අප කලයුත්තේ මොවුන් දෙදෙනාගෙන් හොද කෙනා තෝරා ගැනිමය. උදාහරනයක් ලෙස, මෙවර ඡන්දය ඉල්ලන්නේ ආලවක සහ අංගුලි මාලනම්, ඔවුන් දෙදෙනාගෙන් හොද කොනා තෝරා ගැනිමට ඔබට සිදුවේ. අවුරැදු 40කට වැඩි කාලයක් ජිවත්වුනු මාහට මේ දෙගොල්ලෝ ගැනම දනිමි. එයින් මා මහින්දගේ අගය කරන දේවල් කිපයක් ඇත. එනම් ඔහුගේ කාට වුවද ඇති සෘජුබාව, යුද්දය ඉවර කිරීම, සහ මහින්ද විරැද්ද වාදින්ට නොපෙනෙන 2009 සිට 2014 වන තුරැ කරගෙන ගිය දියුනුවයි. එදා අනුර කුමාර කී පරිදි මහින්ද යුද්දය ඉවර කරා නොව මහින්ද ඉන්න විට යුද්දය අවසාන වුනා සේ මේ රටේ කොපමන වෙනසක් නිකම්ම වුනාද? එනම් රටේ දියුනුව තිබ්බේ 2015 ට කලින්ද නැතහොත් 2015 ට පසු වද? ඔවු, ඔබත් දන්නවා, නමුත් මිනිසුන්ගේ තර්ක කිරීමේ බුද්දිය හින වී ගොස් ඇත. ඔවුනට  වෛරය පමනක් උගන්වා ඇත. ඔවුන් සෑම විටම බලන්නේ පවසන්නේ ඔහුගේ වැරදි ආකාරයමය. ඉතින් රයිනෝට සෑම විටම තම අන පේනවා සේ අනිත් අය පුරුදු කල සිරිත වුන facts and figures නොමැතිව ගන්නා තීරන නිසා ලංකාවට කොපමන දේ අහිමී වුනාද? මහින්ද 2009 සිට 2014 වන විට විශාල පරිමානයේ projects කොපමන අවසාන කලාද? උදාහරනයක් ලෙස, කොළඹ සහ හම්බන්තොට වරාය. මත්තල (වරාය සහ ගුවන් තොට වලින් ආදායම් ලැබීම සදහා යම් කාලයක් ගතවන අතර, ඒවා ලාබ ලැබෙන තුරු සිටිය යුතුය. ජනතාවට මේවා පාඩු ලබනවා ලෙස විකුනා දැමුවහොත් ඉන් ලාබ ලැබෙන්නේ නැති අතර, පාඩු ලබන ආයතන පිට රැටියන් මිලදි ගන්නේ අපේ රටට තිබෙන ආදරයටද? අප පොඩි කාලයේ සිට ඉගෙන ගත් සේද මාවත තිබෙන්නේ කොහේද නොදත් අය ගැන කුමන කතාද? ), විදුලි බලා ගාර, හියි වේ, මං මාවත්. මතකද 2015 ට කලින් අපේ සෑම පාරක්ම ඉතා හොදින් සකසා තිබුනා. අද මොකද වෙලා තිබෙන්නේ.  පුද්ගලයින් පිරිසක් ඉතා සුක්ෂම අයුරින් මහින්දට විරුද්දව සෑදු විරෝද තාවය ඊතා සාර්තකව කරන ලදි. මන්ද යත්, අදද අප මහින්ද විරුද්ද පුද්ගලයකුගයෙන් මහින්ද ගැන ඇසුවහොත් ඔහුගැන පවසන්නේ ඉතාම ආවේගයෙන් මේ රට විනාශම කර කාදැමු පුද්ගලයා ලෙසය. නමුත් ඔවුන් ලග ඇත්තේ මහින්ද හොරා, පවුල් වාදය යන දෙක පමනි. ඊට වඩා මහා පරිමාන හොරු විශාල ප්‍රමානයක සිටියද රට රැකගත් ඒ මිනිහා ගැන කතා කරන්නේ මේ රටට බිහිවු නරකම පුද්ගලයා ලෙසය. ඒ නරනම පුද්ගලයා කල දේවල් නැත්නම් අද මේ රට කොතැනද? ඔවුනුත් දන්නවා? නමුත් පිලිගැන්මට දිව හෝ කොන්ද නොනැමේ. එය පුරුදු කරේ මේ වෛරය ඉගැන්වු පිරිස්මය.

  මහින්ද යනු සර්ව සාදාරන, කිසිදු හොරකමක් නොකරන පුද්ගලයකු යයි මම නොකියමි. නමත් අවු 4ක් තිස්සේ මහින්ද තියා වන කිසිවෙකුවත් හිරේ දමා ගැනිමට නොහැකි විය. ඉතින් අපි ඔහුගේ හොරකම් කල බව කීම විස්වාස කරන්නේ කෙසේද? ලංකාවේ මිනිසාට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් ඇත. එනම් තමන් කල වරද පිලි ගැනිමේ ඇති අකමැත්තයි. ඉතින් තමුන් එදා 2015 දි යහපාලනයට ඡන්දය දුන්නේ ඇත්තටම රට පිලි බද තිබුනු කැක්කුමටම විය යුතුය. එයට මම සිනා නොසෙමි. නමුත් මා එයට ඡන්දය නොදුන්නේ මේ කොටින්ගේ පුල්ලි කවදාවත් වෙනස් නොවන බව මා දැන සිටි බැවිනි. එය ඔවුන් දින 100 තුලම ප්‍රකාශයට පත් කෙරැනි. අනුරලාට ඇත්තේ වෙනම ඇජෙන්ඩාවකි. ඔවුන් එදා සිට අද දක්වාම ඔහුගේම මතයක් ක්‍රියාවයගට නැංවිමට තනයි. ඔබලාටද එය නොවැහෙටනවාම නොවෙයයි මා තරයේම විස්වාස කරමි. එදා 1999 වැනි කාලයේ පැවති jvp එකමද මේ කියන්න මාහට ඇති ප්‍රශ්නයකි.

2005 අග බාගයේදි මා මාගේ නිවසක් jvp අයගේ ව්‍යාපෘතියක් සදහා නොමිලේ ලබාදුනි. එහිදි සිදුවුයේ A/L කරන දුප්පත් සිසුන් තෝරාගෙන ඔවුන්ට නොමිලේ අධ්‍යපනය ලබාදිමයි. ඉතින් මාද ඉතා කැමැත්තෙන් ඒ සදහා මාගේ සහයෝගය ලබා දුනි. මට මතක ඇති විදිහට එකල A/L තිබුනේ අප්‍රේල් මාසයේය. දිනක් මා එහි යනවිට මෙම සිසුන් පාඩම් වැඩ පසෙකින් තබා පෝස්ටර් අදිමින් සිටියේය. මම එතන සිටි සාමාජිකයාගෙන් ඇයි මේ යයි ඇසුවිට ඔහු මට කිව්වේ, මීතයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බවයි. එවෙලෙහිම මට මොවුනගේ අරමුන වැට හින. එනම් ඔවුන් තම සාමාජිකයන් කැම්පස් තුලට යවන්නේ මේ ආකාරයටය.  එලෙසම එහි සිටි සිසුවියන් තිදෙනෙකු මා සිටි බසයට ඊට අවුරැදු1 කට පමන පසු නුගේගොඩින් ගොඩවුනි. තම අත ඇති කැටය සොල්ලමින් මා ලගට පැමිනි ඔවුන් මාව හදුනා ගැනුනි. එහිදි ඔවුන් කොළඹ කලා අංශයේ උපාදිය උදෙසා වැඩ කරමින් හිගා කමින් සිටියේය. ඇත්තටම මොවුන් කරන්නේ මෙම ලමුන් කැම්පස්පයෑමට පෙර සිට පක්ශය පිලිබද පෙර පුහනුවක් ලබා දිමය. තම ලද දේශපාලන පුහුනුවත් සමගම යන මොවුනට තව සාමාජිකයන් එකතු කර ගැනිම අමාරැ දෙයක් නොවේ. ඒ මන්ද මා පෙර කියුවා සේ ඔවුන්ගේ ලේ රත්විමේ ගුනයයි. මෙය තේරැම් ගත් මට jvp එක තවත් එපා විය. එවන් පටන් ඔවුන් කරන්නේ රටේම සිටින සිසුන්ට ඉගෙන ගැනිමේ අයිතිය ඇති කරනවා යැයි කියමින් එය නැති කිරිමය.

ඩඩ්ලි සේනානායකලා යලි බිහි වෙන්නේත් නැ. එහෙම වෙයි කියලා බලන් ඉන්නත් එපා. හිතන්න මම ජනාදිපති වරනයෙන් දින්නා කියලා. හැබැයි මට හැකියාවක් තියෙනවද මේ රට පාලනය කරන්න. ඒකට හොද මොලයක් තියෙන්න ඕනි. කපටි වෙන්න ඕනි...බය නැති වෙන්නත් ඕනි. ප්‍රශ්න වලට මූන දීලා ප්‍රේශර් එක බෙයා කරගන්නත් පුලුවන් වෙන්නත් ඕනි. ඒ හැකියාව අපිට නෑ. මිනිස්සු මැනෙජ් කරනවා නියන්නේ කොච්චර අමාරැද කියලා බොහෝ අය දන්නවා ඇති. Office එකේ වැඩක් දීපු එකෙක් නොකෙරැවම උට බැන බැනඅපිම කරපු අවස්තා කීයක් ඇත්ද. හැබැයි රටක් එහෙම කරන්න බෑ. ඒක ඒ අදාල අය කරන්නම ඕනි.

අදටත් අපි කල්පනා කරන්න ඕනි මෙ රටේ මෙතුවක් කල් දන්න හොදම ප්‍රොජෙක්ට් ටික කලේ කවුද? යහපාලනය අවු 4ක් තිස්සේ ජනයාට මොකද කලේ? මහින්දලා නය අරන් කරපු වැඩ පේන්න තිබ්බා. මුන් ඊට වඩා නය අරන්. මොනවද කලේ?
යුද්දයෙන් පස්සේ 2009 ඉදන් 2014 වෙනකල් මිනිහා පාරවල්, බලාගාර, හයි වේ..පාලම්.. කොච්චි, රේල් පාරවල්... මේ හැම දෙයක්ම කරනකොට ඒ මිනිහා එක්ක අනිත් උන් තරහා වෙන එක සාමාන්‍යයි. එයාට ඕනි විදිහට උනේ නෑ කියයි.. කන්ට්‍රැක්ට් එක දුන්නෑ කියයි, එක එක ඒවා. මේ ඔක්කෝම හුරතල් කරන්න ගියොත් කිසි වරැඩක් කරන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවට ඒ මිනිහා තෝ බම්බු ගහ ගනින්  මෙදා වෙනකොට මේ වැඩේ උන් නැත්නම් බලාගමු කියලා කොහොම හරි වැඩේ කර ගන්නවා. හැබැයි වැඩ කරන එකා තරහෙන්.
මං කියන්නේ නෑ මහින්ද පට්ට ඩයල් එක කියලා.හැබැයි ඒ මිනිහා හොද නායකයෙක්.

දැන් පේනවනෙ මේ ආන්ඩුවට දීලා වෙච්ච දේ. ඒක දැන් ගොඩ දාන්න අමාරැයි. ඒකට ප්‍රධානම හේතුව කොන්ද පන නැති කම. අනික තිබෙන යටි කුට්ටි වැඩ.

ඊලගට ඉල්ලන එකා ගැන හෝ ආන්ඩු ගැන ආපහු trial and error කරන්න බෑ. අවු 4ක් ගිහිනුත් තාම එකෙක් ඇතුලට දාගන්න බැරි උනා. රාජිතලා බාගෙට බාගයක් කලේ බොරැ කියපු එක. උන් කලේ මහින්ද ගැන වෛරයක් ඇති කරපු එක. ඒ මිනිහගේ වැඩ පිලි වලත් එක්ක ආපහු පවර් එක ගන්න බෑ කියලා දැනගත්තා. jvp එකත් හවුල් කර ගත්තා. ඇමරිකන් සය යුරොපා සහයත් දා ගෙන ගහපු ප්ල‍න් එක හරියටම වැඩ කලා. ඒ මිනිහට වෛර කරන මිනිසුන් පිරිසක් හැදුවා. මෙවායෙන් 75% ක්ම කරන්නේ කොටි.

චුට්ටක් හිතපන්. මහා ගලක්, කුරැල්ලෝ කියලා එයා පෝට් එකට හිනා උනා, මත්තලට හිනා වෙලා වී පිරෙව්වා. එකෙන් කෝටි ගානක් පාඩුත් උනා විතරක් නෙමේ හැරිසන් ඒකෙන් හොද ගානක් ගහත් ගත්තා. ඊලගට පෝට් එකයි මත්තලයි වැඩ පටන් ගෙන ප්‍රොපිට් කරන්න ගත්තු ගමන් ඒවා විකුනුවා..නිකම් නෙමේ අවු 199 කට. උබේ අපේ ලමයගේ ලමයටවත් බෑ එකෙන් ප්‍රයෝජන ගන්න.

ඉතින්...ඔබටවත් මටවත් ගැලපෙන නයකයා මේ ලෝකේ මේ කපේදිවත් එන්නෙ නෑ. අපි හිතන හොද බුද්දිමතෙක් ආවත් ප්රශ්නේ වෙන්නේ උට රට කරගෙන යන්න බෑ. උදාහරනෙකට නාගානන්ද මහතා. ඔහු බුද්දිමත්, කියන විදිහට වැඩ කලොත් සොරකම නැතිවෙයි. නමුත් සොරකම නැතිවීම රටක් දියුනුවිමට ඇතිද? නැත. වෙනත් ප්‍රශ්නවලට පිලිතුරැ මොනවාද? එනම් අධ්‍යාපනය, ආරක්ෂාව, විදේශ ප්‍රතිපක්ති, කෘෂිකර්මානතය? රටක් කිරිම යනු one man show එකක් නොවේ. තනි මිනිහෙක්ට 225ක් උදවු කරන්නේ කෙසේද, අඩුම ගනනේ තමුන්ගේ පක්සේ එවුනුත් සහය නොදෙන කල. ඔවුන්ගේ පැමිනිමේ වටිනාකමක් ඇත්තේ 2015 දි යහපාලනයට ඡන්දය දි වැරැදද පිලිගන්න කෙන්ද පන නැති අයටය. එමගින් ඔවුන්ට හිත හදා ගත හැකිය. නමුත් නාගානන්ද මහතා තම මොලය පාවච්චි නොකලහොත් ඔහුට වන්නේද සරත් පොන්සේකාට වු දෙයමය, නැත්නම් අර්ජුනට වු දෙයමය.පල්ලේ වත්ත ගැනනම් කතා කොට වැඩක් නැත. ඔහු කෙලින්ම මොරගොඩම වැන්නෙකි. මොහුද නොබෝ කලකින් ඔහු ලෙසම නොපෙනි යනු ඇත. බොහෝ විට මොවුනු ජනාදිපතිවරන සදහා ඉදිරිපත්වන්නේ ඩිප්ලොමැට් පාස්පෝට් එකක් ලබා ගැනිමටය.

office එකේ වැඩ කරන විදිහ සිතුවෝත්, එක එකා එක එක විදිහයි. එතකොට අප හැම එකාටම එකම විදිහට සලකන්නේ නැත. සමහර උන්ට බනිනවා. එතකොට උන් තරහා වෙනවා.  උන් උබව දාලා යනවා..සමහරෑ උබත් එක්ක සදාකල් වෛරයෙන් සිටිනවා.. ඉතින් තේරැම් ගන්න. අපට කම්පැනිය කරගන්න බරි  එවන් කලෙක රටක් කරන්න හොද පන්නරයක් ඕනි.

දැනට ඉන්න සහ මම දැකපු ඔය නායකත්ව ගුන තිබුන හොදම එකා මහින්දයය. ඒක නිසා මම ඒ මිනිහට හැමදාම කැමැත්තක් දක්වයි. නමුත් මම ඔහු රටේ ultimate solution එක ලෙස නොපවසමි. හොද කෙනෙක් ආ විට අප මාරැ විය යුතුය. නමුත් එම මාරැවට කලිනුත් එහි වැරැද්දක් නොමැති බව ඇගට දැනිය යුතුය. නැතහොත් 2015 වුනු වැරැද්ද නැවත සිදුවිය හැක.